ලංකාව තුළ වාහන භාවිතය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක්
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශමාලාවක් සකස් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.එනම්, විද්‍යුත් රථවාහන බැටරි අපද්‍රව්‍ය ක්‍රමවත්ව පරිසරයට බැහැර කිරීමේ ක්‍රියාවලියක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම පිළිබඳව මූලික සාකච්ඡාව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය.
මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භකළ යුතු බවත් ඒ සඳහා රාජ්‍ය අංශය ලබාදෙන දායකත්වයට සමාන දායකත්වයක් පුද්ගලික අංශයෙන්ද ලබාගත යුතු බවය.
ඒ අනුව මෙම වැඩපිළිවෙල සඳහා සහයෝගය ලබාදීමට USAID ආයතනය එකඟතාවය පළකර තිබීමද විශේෂත්වයකි. මේ වන විටත් කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෝටර් රථවාහන (Auto Mobile) පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් පවතින අතර එම ප්‍රතිපත්ති මාලාවට සමගාමීව මෙම මාර්ගෝපදේශ මාලාවද එළි දැක්වීමට කර්මාන්ත අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
මේ හරහා මෙරට විද්‍යුත් වාහන ප්‍රචලිත වීම තුළින් මෙරට තුළ පොසිල ඉන්ධන භාවිතය අඩුකළ හැකිවීම නිසාත් පරිසර දූෂණය අවම කිරීමට හැකියාව ලැබීම මෙම ව්‍යාපෘතියේ දීර්ඝකාලීන වාසිදායක තත්වයකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |