පේර වලින් පෑන් කේක් හදලා තියෙනවද?
Guava එහෙමත් නැත්නම් පේර කියන්නේ ගොඩක් වෙලාවට ගෙවත්තකින් හොයාගන්න පුළුවන් පළතුරක්. අපි ගහකින් පේර ගෙඩියක් කඩාගෙන කනවා, එහෙමත් නැත්නම් juice හදාගෙන බොන එක සාමාන්‍ය දෙයක්නේ. ඉතින් අද පුංචි වෙනසක් කරමු. මං අද කියලා දෙන්න හදන්නේ පේර වලින් රසම රස පෑන් කේක් එකක් හදන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
? ඇට ඉවත් කර කපාගත් පේර ගෙඩි 2ක් 3ක්
? හලාගත් පාන්පිටි කෝප්ප 1ක්
? කුඩුකරගත් සීනි කෝප්ප 1/2ක්
? බේකින් පව්ඩර් තේහැඳි 1/2ක්
? බිත්තර 2ක්
? ලුණු ස්වල්පයක්
සාදාගන්න ආකාරය
? පේර ටික වතුර ටිකක් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
? දැන් මේක පෙරලා ජූස් එක අරන් ඒකට පාන්පිටි ටික එකතු කරන්න.
? කුඩුකරගත් සීනි, ලුණු හා බේකින් පව්ඩර් ටිකත් දාගන්න.
? පසුව බිත්තර 2 දාලා හොඳට මිශ්‍ර කරගන්න.
? දැන් තෙල් ගාගත් පෑන් එකකට බැටර් එකෙන් ටික ටික දාලා පෑන්කේක් හදාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |