කාටිලේජ වර්ධනය කර අර්ශස් සුව කරන බර කොකු.
වැඩිය අහලා කාලා නැති වුණාට, කිසි වියදමකින් තොරව පහසුවෙන්ම හොයගන්න පුළුවන් රසවත් ගුණවත් කෑමක් තමයි බර කොකු හෙවත් කැරම් කොකු කියන්නේ. මේ පැලෑටිය ගෙවත්තේ හෝ තෙත් ප්‍රදේශවල හෝ ජලාශ ආශ්‍රිතව ඉබේ හට ගන්න නිසා අමුතුවෙන් ඒවාට වියදමක් කරන්න ඕනෙත් නැහැ. මේවා පහසුවෙන් හොයා ගත්තට මේවායේ ගුණ විශ්මිත බව ඔබ දැනගෙන හිටියද?
බර කොකු ගැන හරියටම දැනගමු.
🟢 මේ කැරම් කොකු කොක්කක හැඩයට පොළවෙන් මතුවෙන ලා කොළ සහ ලා රත් පැහැ ගන්නා පැලෑටියක් වන අතර මීවන විශේෂයකට අයත්.
🟢 විටමින් A හා C නයසීන්, පොස්පරස් සහ වෙනත් ලවණ වර්ගවලින් පොහොසත් වන අතර තන්තු බහුල ආහාරයක්.
🟢 මේ බර කොකු ශාකයේ දලු, කොළ වගේම මුල් දේශීය වෛද්‍ය ක්‍රමය තුල විවිධ ප්‍රතිකාර සඳහා භාවිතයට ගනු ලබනවා.
විශ්මිත ගුණ
🟣 මල්බද්ධය වළකාලයි
🟣 සන්ධි ඉදිමුම්වලට ඉතාමත් ගුණදායකයි (දණහිස් ආශ්‍රිත ආබාධ වළක්වා ගන්නට මේ බර කොකු දළු ව්‍යංජනය සතියකට වරක් ආහාරයට ගැනීම වැදගත්.)
🟣 අර්ශස් රෝගීන්ට ඉතාම සුදුසුයි
🟣 රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි
🟣 පියයුරු පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා රෝග ඇතිවීම වළක්වයි
🟣 කාන්තාවන්ගේ ගර්භාෂයට ඉතාමත් හිතකරයි
🟣 පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතා දුරලයි
🟣 සමේ ඇතිවන තුවාල හා රුධිර ගලනයන් සඳහා ඉතා සුදුසුයි
🟣 පණු රෝග නසාලයි
🟣 සමේ ඇතිවන යම් යම් ආසාදන තත්ත්වයන් සඳහා වඩා සුදුසුයි
🟣 විශේෂයෙන්ම කහබිලියා ආදී විෂ පැලෑටි ස්පර්ශවීමෙන් සමේ ඇතිවන කැසීම් හා දැවිලි ගතිය ආදිය සමනය කිරීම.(කොළ තලා ඒ ස්ථානවල ඇතිල්ලීම)
🟣 සර්ප හා කෘමි විෂ නැසීමට භාවිතා කරයි
🟣 විශේෂයෙන්ම මී මැසි දෂ්ටනවලදී, ගෝනුසු පත්තෑ විශවලට ආදියටත් නයි පොළොං විෂ හරණයටත් ප්‍රතිකාර කිරීමේදී මේ බර කොකු ශාකය භාවිතා කරනු ලබනවා.
🟣 ස්වසන රෝගීන්ට ගුණදායකයි
🟣 ඇදුම් ආදී ස්වසන රෝග ඇති අයෙකුට හුස්ම ගැනීම අපහසුතාවක් ඇතිවිට ඒ අපහසුතා මගහරවා ගන්නට මේ බර කොකු වියළා පුළුස්සන දුම් ආඝ්‍රානය කිරීමට සලස්වනවා.
ආහාරය සඳහා සකස් කිරීමට දැනගෙන සිටිය යුතු දේවල්,
🟢 බර කොකුවල දල්ල අග කැරකී තිබෙන අතර මේ කොක්ක දිගහැරෙන්නට පෙර තමයි ආහාරය ගැනීමට නෙළා ගන්න ඕන.
🟢 ඉන්පසුව තරමක් උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් එකතු කරලා එයට මේ බර කොකු ටික දමා මද වේලාවක් තබා ගන්න.
🟢 එමඟින් බර කොකුවල පියවි ඇසට නොපෙනෙන යම් විෂබීජ ඇත්නම් ඒවා ඉවත් වෙලා එහි ඇති තිත්ත රසයත් ඉවත්ව යනවා.
🟢 ඉන්පසුව තමයි බරකොකු මැල්ලුම් හෝ ව්‍යංජනය සකස් කරගන්නේ.
🟢 ඒ වගේම සිරුරට උෂ්ණ ගෙනදෙන හුරුල්ලන්, බලයන් ආදී මාළු වර්ග පිසීමේදී ඒවායේ උෂ්ණය අඩු කරග්නටත් මේ බර කොකු භාවිතා කරනවා.
🟢 මස් මාලු වගේ ආහාර ගැඹුරු තෙලේ බදින විට ඒවාට උරා ගන්නා තෙල් ප්‍රමාණය අඩු කරගන්නත් යොදා ගැනෙනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |
