දැක්කම කන්න ආස හිතෙන - චීනයේ ජනප්‍රියම කොළ සුදුළූණු හදන්නේ මෙහෙමයි.
Garlic
Ministry of Health Sri Lanka
Healthy Food Recipes
By Wayomi
කොළ පාට සුදුළූණු කියන්නේ චීනයේ හරි ජනප්‍රිය ආහාරයක්. සමහර videos වලින් පවා ඔබ දැක ඇති. ඉතින් ඔන්න අද කියලා දෙන්න හදන්නේ චීන මිනිස්සු නිතරම ආහාරයට ගන්න කොළ පාට සුදුළූණු අච්චාරුවක් හදාගන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
🧄 සුදුළූණු
🧄 විනාකිරි
🧄 සීනි
සාදාගන්න ආකාරය
🧄 අපි කන සුදුළූණු ගෙඩියක් හෝ දෙකක් අරන් පොතු ඉවත් කරගන්න
🧄 හොඳින් පොතු ඉවත් කර සෝදා සුදුළූණු වල වතුර ඉවත් කරගන්න. ටික වේලාවක් වතුර වේලිලා යනකන් ඉන්න.
🧄 ඉන්පසුව පිරිසිදු කරගත් ජෑම් බෝතයක් වැනි භාජනයකට සුදුළූණු ටික දාගන්න.
🧄 ඊට පස්සේ භාජනයට දාගත්ත සුදුළූණු ටික වැහෙන විනාකිරි දාගන්න.
🧄 ඉන්පසුව සීනි ටිකක් එකතු කරගන්න. ගොඩක් දාගන්නත් එපා.
🧄 දැන් මේ භාජනය වසා සිසිල් වියලි ස්ථානයකින් දින 4ක්, 5ක් හෝ සතියක් විතර තියන්න.
🧄 ඊට පස්සේ ඔබට පුළුවන් කොළ පැහැ සුදුළූණු කෑල්ලක රස බලන්න.
VIDEO |
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |