ප්‍රබලයෝ පරදවා ඇෆ්ගනිස්ථානයට සුපිරි ජයක්.
දිල්ලිහි Arun Jaitley ක්‍රීඩාංගණයේදී අද(15) පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමඟ පැවැති තරගය ලකුණු 69කින් ජය ගැනීමට ඇෆ්ගනීස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5කදී සියලුදෙනා දැවී ලකුණු 284ක් රැස්කර ගැනීමට සමත් විය.වූ අරතර ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ රහ්මානුල්ලා ගුර්බාස් පන්දු 57කදී ලකුණු 80ක් රැස්කර කරගත්තා.
ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ද ඇතුළත්.
ඉක්‍රම් අලිඛිල් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 58කි. පන්දු යැවීමේදී එංගලන්ත පිල වෙනුවෙන් ආදිල් රෂීඩ් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වූ අතර මාර්ක් වූඩ් දවාගත් කඩුළු සංඛ්‍යාව 2කි.
අනතුරුව පිටියට පැමිණි පිවිසි එංගලන්ත පිල පන්දුවාර 40යි පන්දු 3කදී සියලුදෙනා ලකුණු 215කට දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් විය. එංගලන්ත පිල වෙනුවෙන් හැරී බෲක් ලකුණු 66ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදී ඇෆ්ගන් පිල වෙනුවෙන් රෂීඩ් ඛාන් සහ මුජීබ් උර් රහ්මාන් කඩුළු 3 බැගින් දවා ගැනීමට සමත් වූ අතර
මොහොමඩ් නබි දවාගත් කඩුළු සංඛ්‍යාව 2කි.