රාජ්‍ය සේවයින් ගැන අලුත්ම තීරණයක් - තරග විභාගයක් පැවැත්වීමට සැරසේ..!

Ranjith Siyambalapitiya Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Oct 07, 2022 07:53 AM GMT
Report

රාජ්‍ය ආදායමට ප්‍රධාන වශයෙන් වැදගත් වන රාජ්‍ය ආයතනවල විශාල නිලධාරි හිඟයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ සඳහා වර්තමානයේ නව බඳවාගැනීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බැවින්, මේ වන විට සිය දක්ෂතාවයට නොගැලපෙන රජකාරී සිදුකරමින් රාජ්‍ය සේවයේ නිරතව සිටින තරුණ සේවකයින් සඳහා තරග විභාගයක් පවත්වා අදාළ බඳවාගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

"ලොකු නිලධාරී අඩුවක් තියෙනවා. රේගුවේත් නෑ , සුරාබදු එකෙත් නෑ, හාර පන්සීයක මේ වෙලාවේ අපිට නිලධාරීන් ගන්න බෑනේ. ඒ නිසා රටේ ඉන්නවා සුවිශාල පිරිසක් උපාධිදාරීන් ඔවුන් නොගැලපෙන සේවාවල වැඩ කරනවා. හදිසි බඳවාගැනීම් එක්ක. මම යෝජනා කළේ හොඳ තරග විභාගයක් තියලා විනිවිදභාවයෙන් යුතුව මේ අති දක්ෂ තරුණ තරුණියන් පිරිස තෝරාගන්න.

මොකද බදු ගණනය කරනවා කියන්නේ අති සංකීර්ණ කාර්යයක්. අති දක්ෂයින් ඉන්න ඕනේ. බදු උපදේශකයෙක් ඇවිල්ලා ලිපිගොනු පෙන්නනකොට, ඒක දැක්ක ගමන් ඒක ඔලුවට ගන්න පුළුවන් මේක මේකයි වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් තරුණ තරුණියන් පිරිසක් ඉන්නවා. දැනට ඉන්න නිලධාරීන්ට අගතියක් නොවන පරිදි, ඔවුන්ගේ උසස්වීම්වලට අගතියක් නොවන පරිදි බඳවාගැනීම් කිරීමට අපි කටයුතු කරනවා."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now