එක් අමාත්‍යාංශයක් යටතේ ඇති, සියලුම රාජ්‍ය ආයතනය වල නිවාඩු වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවයි..!

Government Employee Sri Lanka Government Of Sri Lanka Ministry of Agriculture
By Sewvandhi Jun 24, 2022 10:06 AM GMT
Report

පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනයන්හි කාර්ය මණ්ඩලවල නිවාඩු ජුලි මස 6 වනදා සිට 15 දක්වා අත්හිටුවා තිබෙනවා.

ඉන්දීය රජය මගින් මෙරටට ලබා දෙන මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර තොගය රැගත් නෞකාව ලබන 6 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

එම පොහොර දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය හා බෙදා හැරීම ජුලි 7 සිට 15 තෙක් සිදුකෙරෙන අතර, එම කටයුතු වෙනුවෙන් මෙලෙස නිවාඩු අත්හිටවූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම යන ආයතනවල සියලු කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now