රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම වෙනස වෙයි - ඔසරිය ඉවත් වෙයි.? ඇඳුම් සම්බන්ධයෙන් අලුත්ම චක්‍රලේඛයක් නිකුත් වෙයි..!

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Sep 22, 2022 01:50 AM GMT
Report

රාජ්‍ය නිලධාරීන් කාර්යාල සඳහා පැමිණීමේ දී සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අදාළ චක්‍රලේඛය සකස් කිරීම සඳහා මේ වන විට උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා සඳහන් කළේය. කාර්යාල වෙත පැමිණීමේ දී කාන්තාවන් සඳහා සාරිය, ඔසරිය, හෝ සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳිය හැකි බවට චක්‍රලේඛයක් මේ වන විටත් නිකුත් කර තිබේ.

කෙසේවෙතත් ඇතැම් පුද්ගලයින් අදාළ චක්‍රලේඛයේ පළමු කොටස පමණක් ක්‍රියාත්මක කරන අතර සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් යන්න අමතක කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදෙයි. එම නිසා සුදුසු ගැළපෙන කාර්යාල ඇඳුමක් ඇඳීමට ඉඩදිය යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර ඇති අතර එය නුදුරේදීම නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාළ වියදම් කැබිනට් අමාත්‍යාංශය යටතේ වෙන්කර ඇති ප්‍රතිපාදන සුදුසු පරිදි භාවිත කර ආවරණය කරගත යුතු බව මුදල් අමාත්‍යාංශය පවසයි. චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පෙන්වාදෙන්නේ පසුගිය 8 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇති රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වෙනම වැය ශීර්ෂයක් වෙන්කර නොමැති බවය.

ඊට අදාළව ජනාධිපති ලේකම්වරයා විසින් මේ වන විටත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් හැකිතාක් ඊට අදාළ කැබිනට් අමාත්‍යාංශය යටතේ වෙන්කර ඇති ප්‍රතිපාදන භාවිත කළ යුතු බවට මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එසේ කිරීමට නොහැකි අවස්ථාවල දී අවශ්‍ය අමතර ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීමක් කර ලබාගත යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now