පළාත් පාලන ආයතනවල සේවකයින් ගැන විශේෂ තීරණයක්..!

K W Shantha Bandara Government Employee Sri Lanka Government Of Sri Lanka Sri Lanka Government
By Sewvandhi Nov 17, 2023 09:00 AM GMT
Report

අද (17) පාර්ලිමේන්තුවේ දී ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, කොන්ත්‍රාත් පදනම මත පළාත් පාලන ආයතනවල සේවයේ නිරතව සිටින පිරිස ලබන වසරේ ස්ථීර සේවයට ඇතුළත් කරගැනීමට නියමිතව ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ,ඒ අනුව ලබන වසරේ දී කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සේවකයින් 8,400ක් ස්ථීර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බවයි.

"සමහර අය කියනවා අරක නෑ. මේක නෑ කියලා. හැමදේම අයවැය පොතට ඇතුළත් කරන්න බෑ. රජය තීන්දු කරලා තියෙනවා අපි දන්නවා පළාත් පාලන ආයතනවල ප්‍රාදේශීය සභාවල, නගර සභාවල අපේ අහිංසක තරුණ තරුණියන් අනියම් හැටියට විවිධ රැකියාවල නිරතවෙලා ඉන්නවා කොන්ත්‍රාත් පදනම මත.

ඒ අය අවුරුදු ගාණක් සේවය කර කර ඉන්නවා ස්ථීර නෑ. ඒ නිසා මම ඉතාම වගකීමෙන් කියනවා අපේ රජය විෂය භාර අග්‍රාමාත්‍ය තුමා, රාජ්‍ය අමාත්‍ය තුමා සියලුදෙනාම ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මේ වනවිට තීරණය කරලා තියෙනවා 8,400ක් වෙච්ච පළාත් පාලන ආයතනවල ඒ සේවකයින් ස්ථීර සේවයට 2024 වර්ෂය තුළ ඇතුළත් කරන්න."