රජයේ සේවකයින් සේවා ස්ථානයට කැඳවීම තවදුරටත් සීමා කරයි..! නවතම චක්‍රලේඛනයක් නිකුත් කෙරේ..!

Sri Lanka Economic Crisis Government Employee Government Of Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 26, 2022 09:44 AM GMT
Report

රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම තවදුරටත් සීමා කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රාජකාරී කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවා ස්ථාන වෙත කැඳවීමට ආයතන ප්‍රධානීන් ට දැනුම් දී තිබේ.

එමෙක්ම හැකි සෑම අවස්ථාවක දී ම සේවකයින්ට නිවසේ රැඳී සිටිමින් ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගැනීමටත් ආයතන ප්‍රධානීන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව ද එම චක්‍රලේඛයෙන් දැක්වේ.

රාජ්‍ය පරිපාලන ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා විසින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery