රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලබා දෙන දිනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පෙන්වාදෙන්නේ රට තුළ පවතින ඉන්ධන අර්බුදය ඇතුළු බලශක්ති අර්බුදයට පිළියමක් වශයෙන් රාජ්‍ය සේවකයන්ට නිවාඩු දීමේ පියවර ගෙන ඇති බවය.
රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
කොළඹ දී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
"මෙය එන සතියේ සිට ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට රාජ්‍ය සේවකයින්ට විශාල අතිරේක වියදමක් දන්න වෙනවා ඈත වැඩට පැමිණීමට හා ආපසු යෑමට ඉන්ධන මිල වැඩිවීම නිසා. ඒ වගේම ඔවුන් පසුගිය කොවිඩ් කාලයේ දී පුහුණුව ලැබුවා ගෙදර සිට වැඩ කළ හැකි වැඩපිළිවෙලක් ගැන. රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට ලබාදෙන සහනය උපයෝගී කරගනිමින් තමන් වාසය කරන ප්‍රදේශයේ කෘෂිකර්මයේ යෙදීමට අවශ්‍ය නම් එයට කෙළින්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහයෝගය හා විවිධ සහන ලබාදෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |