රාජ්‍ය සේවය දින හතරකට සීමා වෙයි..? රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් ප්‍රකාශයක්

Dinesh Gunawardena Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sithumi Jun 05, 2022 11:49 AM GMT
Report

සිකුරාදා දිනය රජයේ සේවකයින් සඳහා නිවසේ සිට රාජකාරී සිදුකිරීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින් සඳහා සතියේ දින 4ක් පමණක් රාජකාරී ස්ථාන වෙත කැඳවීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ඉන්ධන භාවිතය අවම කිරීමේ එක් පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now