රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් අගමැති ගෙන් ප්‍රකාශයක්..

Parliament of Sri Lanka Dinesh Gunawardena Sri Lanka Politician Government Employee Government Of Sri Lanka
By Aruna Aug 06, 2023 11:59 PM GMT
Report

දාහතර ලක්ෂයක් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව විදේශීය සහ දේශීය ආර්ථික විශේෂඥයන් පවසද්දී වුවත් කිසිදු අඩුපාඩුවක් නැතුව පසුගිය දෙවසරේ සෑම මාසයකම රාජ්‍ය සේවක වැටුප් නිසි පරිදි ගෙවීමට රජය පියවර ගෙන තිබෙනවා.’

යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහන මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනේ දීයි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා – මඩකලපුව කියන්නේ බහු පාර්ශවීය සංවර්ධනයක් සිදුවිය යුතු පුළුල් අවකාශයක් සහිත දිස්ත්‍රික්කයක්. මඩකලපුව දිස්ත්‍රික්කය කෘෂිකාර්මික, පසුසම්පත්, ධීවර කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වලින් සමන්විත නිසා ඉදිරි දෙවසර සඳහා දීර්ඝකාලීන පුළුල් සංවර්ධන සැලැස්මක් වහාම සම්පාදනය කිරීමට පියවර ගන්නවා.

ඒ සදහා සඳහා රාජ්‍ය නිලධාරීන් විශේෂ අනුග්‍රහයක් දැක් විය යුතුයි.

පසුගිය සමයේ පැවති අර්බුදකාරී සමයේ දාහතර ලක්ෂයක් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බව විදේශීය සහ දේශීය ආර්ථික විශේෂඥයන් පවසද්දී වුවත් කිසිදු අඩුපාඩුවක් නැතුව පසුගිය දෙවසරේ සෑම මාසයකම රාජ්‍ය සේවක වැටුප් නිසි පරිදි ගෙවීමට රජය පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය සේවකයින් කාර්යක්ෂමව රට වෙනුවෙන් වැඩ කළ යුතුයි. ආණ්ඩුකාර තුමා සහ මහජන නියෝජිතයින් දැක්වූ අදහස් අගය කරන අතරම ඔවුන් පෙන්වා දුන් ගැටලු විසඳීමට පියවර ගන්නවා.

කෘෂිකාර්මික අංශයෙන් පැනනැගුනු ගැටලු ගැන නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන් ගොවීන්ට, කෘෂිකර්මයට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා.

අමාත්‍ය නසීර් අහමඩ්, ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, රාසමානික්කම් චාණක්‍යම්, ගෝවින්ද කරුණාකරන්, යදාමිණී ගුණවර්ධන, ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක, මඩකලපු දිසාපති කලමාතී පත්මරාජා ඇතුළු නිලධාරින් සහ සංවිධාන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගිවී සිටියා.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය