රාජ්‍ය සේවක වැටුප සහ පොලී අනුපාත ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්..

Central Bank of Sri Lanka Ranjith Siyambalapitiya Sri Lanka Politician Government Employee Government Of Sri Lanka
By Aruna Aug 18, 2023 03:16 AM GMT
Report

නියම කර ඇති පරිදි බැංකු පද්ධතිය තුළ පොලී අනුපාත පහළ දමා තිබේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ අධීක්ෂණයක් සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවෘත පොලී අනුපාත පහළ දැමීමේදී බැංකු පද්ධතියට ද ප්‍රායෝගික ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවී ඇති බවය.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් රජය අවබෝධයකින් කටයුතු කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.