රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගන්න යන විශේෂ තීරණයක් මෙන්න..

Government Employee Government Of Sri Lanka
By Aruna Feb 06, 2024 03:28 AM GMT
Report

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා.

අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් අදාළ දැනුම් දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ චක්‍රලේඛයේ සඳහන්ය, මෙවර රාමසාන් සමය මාර්තු 12 වන දින සිට අප්‍රේල් 11 වන දින දක්වා පැවැත්වීමට නියමිත බැවින් එම කාල සීමාව තුළ මුස්ලිම් රාජ්‍ය සේවකයින්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩමුර සකස් කර දිය යුතු බවයි. 

නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කරදෙන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ, රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන් සඳහා උත්සව අත්තිකාරම් ලබාදීමට ද කටයුතු කරන ලෙසයි.