රාජ්‍ය සේවකයින්ගේ වසර 05 හේ නිවාඩුව කපාහරී..මේ අයට රට යන්න බැහැ?..

Government Employee Sri Lanka
By Aruna Sep 14, 2022 07:42 AM GMT
Report

රජයේ අතිරික්ත කාර්යමණ්ඩල ඉවත් කරන්න සැලසුමක් රජයේ සේවකයන්ට වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙන රජයේ චක්‍රලේඛය ක්ෂේතු කීපයකින් ඉවත් කිරීමට සැලසුම් කරන බව වාර්තා වනවා.

ඒ් අනුව වසර පහක වැටුප් රහිත නිවාඩු ලබා දෙන රජයේ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්, සෞඛ්‍ය අංශ සේවකයන් සහ තාක්ෂණික සේවා වැනි කාණ්ඩ සඳහා අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ පවසයි.

මෙම ක්‍රමවේදය රජයේ සහ විවිධ ආයතනවල අතිරික්ත කාර්‍යමණ්ඩලය ඉවත් කිරීම සඳහා හඳුන්වා දුන් එකක් බව යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය තවදුරටත් සකස් කරමින් පවතින බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now