රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..

Provincial Council Parliament of Sri Lanka Sri Lanka Politician Government Employee Government Of Sri Lanka
By Aruna Jul 26, 2023 06:01 AM GMT
Report

පළාත් පාලන ආයතනවල සේවය ස්ථිර කර නැති සේවකයන් 10,000 කඩිනමින් ස්ථිර කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව,පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පවසන්නේ, පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සේවය කරන සේවකයන් කඩිනමින් ස්ථිර සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් එම ආයතනවලින් ඒ ඒ සේවකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවත්ය.

ඊට අමතරව මෙම ස්ථිර කිරීම් සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන, නිදහස් සේවක පදනම සහ වෙනත් සේවකයන් ඇතුළත් වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමේ කටයුතු විධිමත් හා විනිවිදභාවයෙන් සිදු කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

දැනට පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක් පවතින බැවින් එම පුරප්පාඩු සඳහා ස්ථිර පත්වීම් දීමට පියවර ගෙන තිබෙන අතර මෙම වැඩපිළිවෙළ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය කඩිනමින් ගැනීමට නියමිතව ඇත.