රාජ්‍ය සේවය ගැන හදිසියේ ගත් තීරණය මෙන්න...

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna May 29, 2022 04:55 AM GMT
Report

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම යළි දැනුම්දෙන තෙක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ තීරණය දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවයේ වියදම් පාලනය කිරීමේ අරමුණින් පසුගියදා නිකුත්කළ චක්‍රලේඛයේ සඳහන් රාජ්‍ය මුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කරමින් එම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඊට අදාළව විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම සඳහා වන අයදුම්පත් නැවත දැනුම්දෙන තෙක් ඉදිරිපත් නොකරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දන්වා තිබේ.

මින් ඉදිරියට රාජ්‍ය සේවයේ පුරප්පාඩු තනතුරුවල වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටු කිරීමේ පත්කිරීම් සඳහා සෑම අවස්ථාවකදීම දැනට සේවයේ නියුතු නිලධාරීන් හරහා ආවරණය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now