අනුරාධපුර සිදුවීම ගැන හිනිදුම සුනිල් සෙනෙවිගෙන් ප්‍රකාශයක්

Anuradhapura Latest Headlines Hiniduma Sunil Senevi Sinhala news Budget 2027
By R.rishma Nov 13, 2026 07:37 AM GMT
Report

අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අනුරාධපුරයේ ඊයේ (12) ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

එම සිදුවීම යම් කලහකාරී ස්වභාවයකින් නිර්මාණය වූවක් බව සඳහන් කළ අමාත්‍යවරයා, එවැනි සිදුවීම් කිසිසේත් අනුමත නොකරන බව ප්‍රකාශ කළේය.

අනුරාධපුර පූජාභූමිය සම්බන්ධයෙන් රජය සෑම විටම නිවැරදි ආකාරයෙන් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, දේශපාලනික උසිගැන්වීම් මත සිදුවන ක්‍රියාකාරකම් ද රජය කිසිසේත් අනුමත නොකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.