මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විවෘතව ඇති දිනයන් සංශෝධනය කෙරේ

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 29, 2022 01:36 PM GMT
Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ එහි සේවකයන් හට ප්‍රවාහන පහසුකම් සපයාගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

කෙසේ වෙතත් රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු සඳහා පමණක් මාර්ගගතව වෙන්කරවා ගත් සේවාලාභීන් සඳහා වේරහැර ප්‍රධාන කාර්යාලය සහ ගම්පහ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල බ්‍රහස්පතින්දා විවෘතව තැබෙන බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම,ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මහජනතාවට නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සිය සේවා ලබාදෙන දිනයන් සංශෝධනය කර ඇති බවය.

2022 ජුලි 01 සිකුරාදා සහ 02 වන සෙනසුරාදා දින සිට නැවත දැනුම්දෙන තුරු සෑම සතියකම සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්වල මෙම ආයතනයේ සේවාවන් සැපයීම සිදුනොකරන බව එලෙස දැනුම්දෙයි.

කෙසේවෙතත් ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීම හෝ ස්ථාවර දුරකථන මගින් අංක 1225 ඇමතීමෙන් සේවා ලබාගත හැකි බවද පෙන්වා දෙයි.

WWW.ntim.lk යන වෙබ් අඩවියට පිවිසීම හෝ e-channeling යෙදවුම මගින් ඊට අදාළ සේවා ලබාගත හැකිය. කෙසේවෙතත් සිකුරාදා සහ සෙනසුරාදා හැර වෙනත් දිනයක ඒ සඳහා ඔබට පහසු වේලාවක් වෙන්කර ගෙන පැමිණෙන ලෙසද ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මහජනතාවට දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now