සෑම සිකුරාදාම වහනව කියපු රාජ්‍ය ආයතනෙ දැන් කරන දේ මෙන්න.

Government Employee Sri Lanka
By Aruna Jun 03, 2022 04:35 AM GMT
Report

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල සිකුරාදා දිනවල වසා තැබීමට තීරණය කර ඇති නමුත් කම්කරු දෙපාර්තමේන්තුව හරහා මහ ජනතාවට ලබාදෙන සේවාවන්ට එමගින් කිසිදු බාධාවක් ඇති නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය අවධාරණය කරනවා.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ කටයුතුවලට බාධාවක් හෝ ප්‍රමාදයක් ඇති නොවන බවට අමාත්‍යාංශය සහතික වේ.

සිකුරාදා දිනයේදී සේවකයින් කාර්යාලයට වාර්තා නොකළත්, නිවසේ සිට වැඩ කළයුතු බවට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇති බවද අමාත්‍යාංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now