රාජ්‍ය සේවකයන්ට ආණ්ඩුවෙන් සුපිරි සහනයක්

Government Employee Lanka Sathosa Rice Wasantha Samarasinghe Sinhala news
By R.rishma Jun 27, 2026 06:44 AM GMT
Report

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කරයි.

ඒ අනුව අමාත්‍යවරයා කියා ඇත්තේ, කැකුළු සහ නාඩු සහල් මෙසේ ලබාදීමට සැලසුම් කර තිබෙන බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා ඇත්තේ, 

"ඔන්න රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදන්නේ අපි. යෝජනාවක් තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයන්ට ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා10 පැකට් දෙකක් කැකුළු සහ නාඩු. ගෙවීමේ ක්‍රමයට. එතකොට හොඳයිනේ, වවුචර් එකක් දෙනවා සතොසෙන් ගිහින් සමූපකාරයෙන් ගන්න පුළුවන්. ගොවියගේ බත් ටික කන්න එපැයි හැමෝම. ආණ්ඩුව ගන්න වී ටික කොටලා දාන්න සැලැස්මක් හදලා තියෙන්නේ." යනුවෙන්.