රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක්?.

Gold Price in Sri Lanka Sri Lanka
By krishani Oct 25, 2023 04:44 PM GMT
Report

මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

ඒ බව එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ අද (25) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය.

මේ අතර ඊයේ (24) ගුරු විරෝධතාවට එල්ල වූ ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරය හෙලා දකිමින් එහිදී ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අදහස් දැක්වීය.

එමෙන්ම එහිදී සමස්ත ලංකා රාජ්‍ය කළමානාකර සහාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේණි දිසානායක පැවසුවේ  ජීවන වියදමට සරිලන වැටුප් වැඩි විමක් අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, වැටුප් වැඩි වීමක් සිදු නොවන්නේ නම් ඉදිරියේ දී සියලු වෘත්තිය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව එහිදී දුම්රිය වෘත්තීය සමිති සංධානයේ සම කැඳවුම්කරු ඩී එම් පී අබේරත්න කියා සිටියේ ය.