රාජ්‍ය අමාත්‍යාංශ 04කට අදාළව විෂයපථයන් ගැසට් කරයි..
රාජ්‍ය අමාත්‍යාංශ 04කට අදාළ විෂයයන් ගැසට් කර තිබේ.
ඒ සෞඛ්‍ය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපථයන් ය.
ඒ අනුව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන පත්කර ඇත.
එමෙන්ම සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනවලට අයත් විෂයයන් ගැසට් කර ඇත.
තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට් කර ඇත.
මේ අතර විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම, ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ගැසට් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |