විෂ සහිත සහල් ප්‍රචාරය ගැන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරයි..
විෂ සහිත සහල් ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහ සදහන් වන්නේ මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් මෙවැනි විෂ සහිත සහල් සාම්පල් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බවය.
2017 වසරේ සිදුකළ පරීක්ෂණයක් ආශ්‍රයෙන් ඇතැම් පුවත්පත් මෙවැනි වාර්තාවක් පළ කර තිබූණ ද මෙවැනි ප්‍රචාරයන් මගින් මහජනතාව තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිවිය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
වැඩබලන පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලසන්ත රණවීර පවසා ඇත්තේ 2017 වසරේ මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ සාම්පල් 68 ක් උපයෝගී කරගනිමින් බවයි.
කෙසේ වෙතත් මේ වසරේ ජනවාරි මාසයේ සිට පරීක්ෂා කළ සහල්වලට ඉහත පරීක්ෂණය කිසිසේත්ම අදාළ වන්නේ නොමැති වන අතර මේ හේතුවෙන් මෙම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ ය.
එමෙන්ම වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.