කසිනෝ ගැන අලුත්ම තත්ත්වය..

Sri Lanka Government Of Sri Lanka
By krishani Sep 16, 2022 03:54 AM GMT
Report

කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතනවලින් විධිමත් පරිදි බදු අය කර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ එහි විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව අගෝස්තු මස 31 දා නිකුත් කළ නව ගැසට් නිවේදනයට අනුවයි.

කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට සහ නියාමනය කිරීමට මෙන්ම සුදුසුකම් ලබන නව ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් නව බලපත්‍ර ලබාදීම සඳහා සංශෝධිත නීති ද දක්වා තිබෙන අතර මෙතෙක් මෙරට කැසිනෝ ව්‍යාපාරයේ නිරතවීමට බලපත්‍ර ලබා දී තිබුණේ පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් වේ.

සංශෝධිත නීති අනුව 2010 අංක 14 දරණ පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාරය සඳහා නව බලපත්‍ර ලබාදිය යුතු බවත්, මෙතෙක් එය සිදු නොවූ බැවින් සංශෝධිත ගැසට් නිවේදනයෙන් මෙම පනත බලාත්මක කෙරේ.