රියදුරු බලපත්‍රය දීර්ඝ කිරිමක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තවෙන් නිවේදනයක්..
Sri Lanka
By krishani
මාස 06ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සඳහා තමන් පදිංචි දිස්ත්‍රික් කාර්යාලයට හෝ කොළඹ වේරහැර කාර්යාලයට පැමිණිය යුතු බවය.
දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු ව ඇති රියැදුරු බලපත්‍ර කාඩ්පත් විදෙස්ගත වන නව බලපත්‍රලාභින්ට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද එම දොපර්තමේන්තුව සඳහන් කළ අතර මුද්‍රණ කාඩිපත් 450,000ක තොගයක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට පැමිණීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.