කොරියානු රැකියා සදහා සිහින දකින්නන් වෙනුවෙන් සුබ පණිවිඩයක්..

Manusha Nanayakkara Sri Lanka Politician South Korea
By krishani Sep 11, 2022 01:48 AM GMT
Report

කොරියානු රැකියා අපේක්ෂකයින් හැකි ඉක්මණින් දකුණු කොරියානු රාජ්‍යය බලා පිටත් කර යැවීම සඳහා මේ වන විට වීසා බලපත්‍ර 1,125ක් සූදානම් බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව සතියකට ශ්‍රමිකයින් දෙසීය පනහක් කොරියාව බලා පිටත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

කොරියානු රැකියා අපේක්ෂිතයින් සඳහා වීසා අයදුම් කිරීම සඳහා පැවති ප්‍රමාදයන් වැළැක්වීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවත් ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විගණනය කර ඔවුන්ට ඉලක්ක හා දිරිදීමනා ලබා දීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join