රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Sep 10, 2022 02:26 AM GMT
Report

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සියලු ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ලබන 19 වැනිදාට පෙර පිහිටුවා අවසන් කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

නව රජයේ සාර්ව ආර්ථික පුනර්ජීවන ඉලක්කයන් අතර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය ලබාදී ඇති අතර ඊට අදාළව දිවයිනේ සියලු ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර ලෙස ශක්තිමත් කර ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය මෙන්ම ජාතික ආහාර සුරක්ෂිතතාව සිදුකිරීමට නියමිතව ඇත.

ඒ සඳහා ග්‍රාමීය මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රශස්ථ ඵලදායීතාවය ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර එම නිලධාරීන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව පසුගියදා අමාත්‍ය මණ්ඩලය විසින් යෝජනා ද ඉදිරිපත් කර තිබුණේ ය.

එම යෝජනාවන්ට අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති අතර ඊට අදාළව කටයුතු කරන ලෙස එම ක්ෂේත්‍ර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join