ආරක්ෂාව ගැන ගත් අලුත් පියවර..

Parliament of Sri Lanka Sri Lanka Parliament Government Of Sri Lanka
By krishani Sep 06, 2022 08:33 AM GMT
Report

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් හඳුන්වාදීමට කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂත් සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි යන අය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අනුමැතිය ලැබීමක් ලෙසය.

ඒ අනුව අදාළ කමිටුව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කිරීමටයි යෝජනා වී ඇති අතර දැනට පවතින ත්‍රස්ත විරෝධී නීතිවල දුර්වලතා මගහරවා ගැනීමත්, එවැනි ක්‍රියාවලට මුහුණ දීමත්, නීතිය බලාත්මක කිරීමත්, විමර්ශන හා අධීක්ෂණ ක්‍රියාවලින් තව දුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙම කමිටුව කටයුතු කිරීමට නියමිතය.

තව ද යෝජිත නව නීතියක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තුළින්, සියලුම කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ අනතර්ජාතික ප්‍රමිතීන් හා නිර්දේශ සැලකිල්ලට ගනිමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පරිපූර්ණ නීති පද්ධතියක් සකස් කිරීම මෙම කමිටුවට භාර වී තිබෙන අතර කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ සඳහන් වන්නේ පුළුල් ජාතික ආරක්ෂක නීති පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව මේ වනවිට හඳුනාගෙන ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join