රාජ්‍ය සේවකයින්ට වසර 5ක නිවාඩුවක් ලැබෙන විශේෂ ක්‍රමවේදයක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Sep 06, 2022 05:52 AM GMT
Report

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන් හට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් සිදුනොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණු අතර පසුගිය ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණය ගෙන ඇත.

කෙසේවෙතත් ඒ අනුව අදාළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join