හෙට සිට දැනුම්දෙන තුරු තවත් රාජ්‍ය ආයතනයක සේවා කටයුතු සීමා වෙයි - සේවාවන් ලබාගත හැකි දිනයන් මෙතනින්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Jun 30, 2022 07:33 AM GMT
Report

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් ලබාදෙන දිනයන් සංශෝධනයකට ලක් කර තිබේ.

ඒ අනුව හෙට (01) දිනයේ සිට (සිකුරාදා) හා ජූලි 02 සෙනසුරාදා සිට නැවත දැනුම්දෙන තුරු සෑම සතියකම සිකුරාදා හා සෙනසුරාදා දිනයන්වල මෙම ආයතනයේ සේවා සැපයීම සිදු නොකෙරෙන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේවෙතත් ඕනෑම ජංගම දූරකථන ජාලයකින් අංක 225 ඇමතීම හෝ ස්ථාවර දූරකථන මගින් අංක 1225 ඇමතීම හෝ www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීම හෝ e-channeling යෙදුම මගින් සිකුරාදා හා සෙනසුරාදා හැර වෙනත් දිනයක ඔබට පහසු වේලාවක් වෙන්කරගෙන පැමිණීමෙන් සේවාවන් ලබාගත හැකිය.