ඉන්දියාවෙන් තවත් සහනාධාර..
Government Of Sri Lanka
Government Of India
India
By krishani
ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට හිමිවූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස ගොඩබෑම ආරම්භ වී තිබේ.
ඒ අනුව මෙට්‍රික් ටොන් 21,000ක තොගයක් මෙරටට ලැබී ඇති බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළ අතර එම පොහොර තොගය ලබන සතියේ බෙදාහැරිමේ කටයුතු සිදුකරන බව සඳහන් වේ.
ඉන්දීය ණය සහනාධාර යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් මෙරටට හිමි වූ අතර ඉන් පළමු තොගය ලෙස මෙට්‍රික් ටොන් 44,000ක් සහිත නෞකාවක් පසුගියදා මෙරටට පැමිණියේය. එම පොහොර තොග සියල්ල මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහැරීම සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |