හෙට උදේ 08 සිට දිවයින පුරා වෙන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
හෙට (24) උදෑසන 8 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මගින් රුපියල් 35,000කින් ඉහළ නැංවූ VAT දීමනාව ජනවාරි මස වැටුපට එකතු කිරීමට මහා භාණ්ඩාගාරයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් බාධා කරන බවයි.
ඒ අනුව අදාළ දීමනාව මෙම මස වැටුප සමඟ ලබා නොදෙන්නේ නම් හෙට දිනයේ මෙම වර්ජනය දියත් කරන බව අද රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇත.
මේ අතර, රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමටයි.
ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
Sponsored By Sarrita Jewellery