ණය සීමාව සම්බන්ධයෙන් ඇමති බන්දුල ගුණවර්ධන ගෙන් ප්‍රකාශයක්..

Central Bank of Sri Lanka Parliament of Sri Lanka Bandula Gunawardane Sri Lanka Politician Sri Lanka
By Aruna Oct 18, 2022 07:14 AM GMT
Report

රාජ්‍ය ණය සීමාව තවත් රුපියල් බිලියන 663කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද උදෑසන ප්‍රකාශ කළා.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුවී නොමැති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු අද (18) ඒ බව සඳහන් කළේ, කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

විදෙස්ගතව සිටින බැසිල් රාජපක්ෂ නැවත දිවයිනට පැමිණි පසු අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සූදානමක් තියෙනවා ද?

යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, “ඒ වගේ දේවල් ගැන කැබිනට් මණ්ඩලයේ දී කිසිදු සාකච්ඡාවක් වුණේ නෑ. ස්ථිර වශයෙන්ම” යනුවෙන්.

මේ අතර 2023 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now