මේ අයට සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස නම් කරේ..හැබැයි ගෙදර සිට මේදේ කරන්නලු..

Government Employee Sri Lanka
By Aruna Jun 14, 2022 11:00 PM GMT
Report

දැනට පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් සිය රැකියා ස්ථානවලට පැමිණීමේ අපහසුතාව සැලකිල්ලට ගනිමින්, රජයේ සේවකයින් සඳහා සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඉදිරි මාස 3ක කාලය සඳහා මෙම තීරණය ක්‍රියාත්මක කිරිමට නියමිත අතර ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා යන අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා මෙම නිවාඩු දිනය වලංගු වනවා.

ඊයේ රැස්වූ ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, ජලය, විදුලිය, සෞඛ්‍ය, වැනි අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා සිකුරාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මඟී ප්‍රවාහනයට ඇති අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, අදාල නිවාඩු දිනය තුල දී අපේක්ෂිත ආහාර හිඟයට විසඳුමක් වශයෙන් ගෙවතු වගාවක හෝ වෙනත් කෘෂිකාර්මික කටයුත්තක නියැලීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව ලබාදීමද මේ මඟින් අපේක්ෂිත යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now