පාසල්වල කැම්පස්වල විතරක් නෙමෙයි.. තවත් කට්ටියක් ලෙඩ වෙන්නයි යන්නෙ.. රජයේ කටයුතු සියල්ල ඇණහිටි ද?.

Government Of Sri Lanka Strike Sri Lanka Sri Lankan Schools Latest Headlines Decision Making
By krishani Jun 24, 2024 05:10 PM GMT
Report

හෙට (25) සහ අනිද්දා (26) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ විධායක නිලධාරින් තීරණය කර තිබෙනවා.

පාසල්වල කැම්පස්වල විතරක් නෙමෙයි.. තවත් කට්ටියක් ලෙඩ වෙන්නයි යන්නෙ.. රජයේ කටයුතු සියල්ල ඇණහිටි ද?. | Government Executives Are On Strike 25Th June 2024

ඒ වැටුප් විෂමතා මුල් කරගනිමින් ය.

එමෙන්ම, ඔවුන් හෙට කොළඹ දී උද්ඝෝෂණයක් පැවැත්වීමටද කටයුතු සුදානම් කර ඇත.

ඒ බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ ය.

අද සිට.. උදේන්ම ලහි ලහියේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන පොඩ්ඩන්ටයි මෙන්න මේ දැනුම්දීම..(නිවේදන)

අද සිට.. උදේන්ම ලහි ලහියේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන පොඩ්ඩන්ටයි මෙන්න මේ දැනුම්දීම..(නිවේදන)


එසේම, එළඹෙන 26 වනදා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ද අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ ය.

මේ අතර, අද ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිය සමිති වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කළේ ය.

ඒ වැටුප් විෂමතා ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස බලකරමින් ය.

එමෙන්ම, මොරටුව සහ රජරට විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් අද සත්‍යග්‍රහයක් ද ඇරඹීය.

තව ද, මේ වන විට  පාසල් අනධ්‍යයන සේවකයින් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටී.

මේ 26 වෙනිදායින් පස්සේ වාසි රැසක්?. මේ දේ ගැන දැනුවත් ද?.

මේ 26 වෙනිදායින් පස්සේ වාසි රැසක්?. මේ දේ ගැන දැනුවත් ද?.


කෙසේ වෙතත්, අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා පාසල්, ගුරු විද්‍යාල සහ විද්‍යා පීඨවල අනධ්‍යයන සේවකයින් අසනීප නිවාඩු වාර්තා කරමින් අද සිට දෙදින වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යම, උතුරු මැද සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් අද විරෝධතා පැවැත්විණ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%