රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්.. ලබන මාසේ සිට රු. 5000 කින් පඩි වැඩි කරන යෝජනාවක්..

Government Employee
By Sithumini Jul 27, 2024 08:33 AM GMT
Report

පවතින ආර්ථික තත්වය අනුවා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි වැටුප් වැඩි වීමක්. ඒ අයට සුබ ආරංචියක් පිලිබදව අපට වාර්තා වුණා.

ලබන මාසයේ සිට විධායක නොවන සියලුම රාජ්‍යසේවකයන්ගේ වැටුප රුපියල් 5000 කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇති බව සති අන්ත පුවත් පතක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව පසුගියදා වැඩි වූ රුපියල් 10,000 දීමනාව ද සමඟ රුපියල් 15,000 ක් සෑම සේවකයකුටම හිමිවනු ඇති.

රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ සමාලෝචනය කර ලබන වසරේ සිට ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැනටමත් පත්කර තිබෙන අතර එහෙත් ජනාධිපතිවරයා එම කමිටුවට යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරණයට පෙර මෙම වසරේ වැටුප් වැඩි කළ යුතු බවයි.

මේ සඳහා වැයවන මුදල යම් ආකාරයකින් ජනතාවගෙන් අය කරගත යුතු වනවා. කමිටුව පෙන්ව දෙන්නේ එසේ නොවුණහොත් ඉදිරි මාස හතර සඳහා එය ගෙවීම ගැටලුවක් වන බවයි එසේ වුවද එම කමිටුව සහ මුදල් අමාත්‍යංශය මෙම යෝජනාවට අකමැත්ත ප්‍රකාශ කර තිබුණද ජනාධිපතිවරයා තම මතය වෙනස් කරගෙන නැහැ.

කෙසේ වුවද මැදහත් දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ මෙය ඡන්ද තුරුම්පුවක් වන අතර, එහි බර ඊළඟට පත්වන රජය මගින් දැරීමට සිදුවනු ඇති බවයි. ජනාධිපතිවරණය අභියස බදු පැනවීමකට යාමටද ආණ්ඩුවට හැකියාවක් නැහැ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%