රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සුබ ආරංචියක්..

Government Employee
By Sithumini Jul 06, 2024 12:25 PM GMT
Report


රාජ්‍ය අංශයේ වැටුප් යළි වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනපතිවරයා සඳහන් කළේ මෙම වර්ෂයේ මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් එය සිදුකළ නොහැකි බවයි.

ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට අද (06) වැල්ලවායේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

වැටුප් වැඩි කළ හැක්කේ ලබන වසරේ අයවැය හරහා බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ.