දේශපාලන පෙරැළියක් අත ළග? නවතම තොරතුරු මෙන්න..

Sri Lanka Udaya Gammanpila Gotabhaya Rajapaksha economic crisis Vimal Weeravansha
By Sithumi Apr 03, 2022 03:49 PM GMT
Report

ආණ්ඩුව තුළ දේශපාලන පෙරළියක් සිදුවීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරන බව ලංකාදීප වෙබ් අඩවිය වාර්ථා කර තිබේ

. ඒ යටතේ ආණ්ඩුවේ ප්‍රබලයකු අද හෙටම සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ආරංචි මාර්ග වලින් පැවසේ. ඒ සමඟම කැබිනට් මණ්ඩලයේද සංශෝධනයක් සිදු වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට ද අද (03) ආරංචි පැතිර ගියේය. එසේ වුවද එය නිශ්චිතව තහවුරු නොවීය. මේ අතර, ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් සහ ඇමති වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන මහත්වරුන් ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, භාරකාර ආණ්ඩුවක් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ.

භාරකාර ආණ්ඩුවක් පත් කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්මල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. මේඅතර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ ටිරාන් අලස් යන මහත්වරුන් අරලියගහ මන්දිරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද අද (03) පෙරවරුවේ හමු වී සාකච්ඡා කර ඇත

. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දි ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now