2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු.. (PHOTOS)

Sri Lanka Government Of Sri Lanka Sri Lanka Government Gazette
By Wayomi Jul 22, 2023 10:44 AM GMT
Report

2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි 2024 වසරේ රජයේ අනුමත ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 25 ක්.

එමෙන්ම ලෝකයේ වැඩිම ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාවක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානයේ පසු වන අතර ලෝකයේ 190 කට වැඩි රටවල් අතරින් ශ්‍රී ලංකාව සෑම වසරකම හතරවෙනි ස්ථානය හිමි කරගනී.

ලෝකයේ වැඩිම ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාවක් සහිත රටවල් අතර ප්‍රථම ස්ථානය සෑම වසරකම හිමි කරගන්නේ මියන්මාරය වන අතර එහි ප්‍රසිද්ධ නිවාඩු සංඛ්‍යාව 32ක්.  


Gallery