සියලු රාජ්‍ය සේවා සම්බන්ධයෙන් ජනපති ගත් තීරණය

Gotabaya Rajapaksa Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Jun 15, 2022 03:06 PM GMT
Report

කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රම හඳුන්වාදීම, සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සහ රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අද පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී, ජනපතිවරයා සඳහන් කළේ නිවසේ සිට රාජකාරි සිදුකිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි.

එමෙන්ම, පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමෙන් එම සේවාවන් වඩාත් කාර්යක්ෂම ලබාදිය හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now