ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම ගැන තායිලන්ත අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
වෙනත් රටක ස්ථීර රැකවරණය ලබා ගන්නා තෙක් ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍ය Prayut Chan-o-cha ප්‍රකාශ කර ඇත.
මේ අතර විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ තායිලන්තය වෙත පිටත්ව යාමට නියමිත බවය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්ත රජයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ඔහුට ඒ සදහා අවසර ලබා දි ඇති බවයි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය මීට ප්‍රකාශ කර තිබුණි. මාලදිවයිනේ සිට පසුගිය මස 14 වන දින සිංගප්පුරුව බලා පිටත්ව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරට තුළ රැදී සිටීමට අද දිනය දක්වා අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් කටයුතු කර තිබුණි.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ තායිලන්තය බලා පිටත්ව යනු ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් තායිලන්ත විදේශ අමාත්‍යාංශය සදහන් කළේ දෙරට අතර දීර්ඝ කාලීන සබදතා සැලකිල්ලට ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට පැමිණීමට අවසර ලබා දී ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |