"..මම අදටත් ගෝඨාභයට ආදරෙයි.." ප්‍රභලයෙකු කියයි..(VIDEO)

Gotabaya Rajapaksa Keheliya Rambukwella Sri Lanka Sri Lanka Podujana Peramuna
By Sewvandhi Oct 16, 2022 08:50 AM GMT
Report

කිසිවෙකුටත් බලහත්කාරයෙන් ආණ්ඩු ලබාගැනීමට ඉඩදිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. "එක්ව නැගිටිමු " යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන හමු මාලාවේ දෙවන අදියර අද (16) පෙරවරුවේ නාවලපිටිදීයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


"ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රටේ සාමාන්‍ය ජනතාව එක්රොක් වුණා. ඒ වගේම වියතුන් ටිකකුත් එකතු වුණා. අවුරුදු 65ක දේශපාලන ඡන්දයෙන් ලබාගන්න බැරි වෙච්ච දේ නුගේගොඩ මැයි දිනයේ දී බොහෝම පැහැදිලිව අනුර කුමාර දිසානායක නායකයා විදියට ප්‍රකාශ කළා. ව්‍යවස්ථාව වීසි කරමු. ඕවා ලියකියවිලි විතරයි. එයින් පරිභාහිරව අපි මහපාරේ මේ ගනුදෙනුව බේරගමු කියලා එදා තමා ප්‍රතිඥාව දුන්නේ.

ඒ ප්‍රතිඥාව තමා ක්‍රියාත්මක වුණේ. අදත් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පුද්ගලයෙක් හැටියට ආදරෙයි. හැබැයි මම පිළිගන්නේ නෑ එදා දැකපු අභියෝගය එතුමාට භාරගන්න බැරිවුණ එක ගැන මම අදත් කනගාටුයි. එතැන මම හිටියා නම් ඔයිට වඩා වෙනස් විදියට වැඩකරන්නේ. මහින්දානන්ද හිටියා නම් ඊටත් එහා. මේක අපි කාටත් පූර්ව දර්ශයක්. බලහත්කාරයෙන් ආණ්ඩු ගන්න දෙන්න බෑ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now