ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
Gotabaya Rajapaksa
Bribery Commission Sri Lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අද (25) අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.
පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වසන් කිරීම සහ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවතින නඩුවට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා තිබිණි.