හිටපු ජනපති ගෝඨාභයගේ ලේකම් අතහැර යයි..ඔහු කරන්න හදන දේ මෙන්න..

Gotabaya Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Aruna Feb 04, 2024 06:52 AM GMT
Report

සුගීෂ්වර බණ්ඩාර මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස වසර කිහිපයක් තිස්සේම සුගීශ්වර බණ්ඩාර මහතා කටයුතු කරනු ලැබුවා.

රාජපක්‍ෂ මහතා බලයට පත්වීමට පෙර සිටද ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළේ ඒ සුගීෂ්වර බණ්ඩාර මහතායි.

කෙසේ වෙතත් ඔහු එම තනතුරින් ඉල්ලා අස්වී ඇත්තේ ‍ක‍්‍රියාකාරී දේශපාලනයට එක්වීමට බවයි වාර්තාවන්නේ.

සුගීෂ්වර බණ්ඩාර මහතා නිමල් ලංසා මහතා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවා තිබෙන නව සන්ධානය සමඟ ඉදිරි දේශපාලන කටයුතු සිදු කරනු ඇතැයිද පැවසෙයි

Sponsored By Sarrita Jewellery

හිටපු ජනපති ගෝඨාභයගේ ලේකම් අතහැර යයි..ඔහු කරන්න හදන දේ මෙන්න.. | Gotabaya Rajapakshe