ගෝඨාභය යළි අගමැති ධූරයට..සුපිරි හෝටලයක සාකච්ඡාවක්..නාමල්ට හංගයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට ගෙන ඒම සඳහා සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් අතර සිදුව ඇති බව වාර්තා වනවා.
එහි මූලාරම්භය ලෙස ශ්‍රී ලංකා එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකට පමණක් ආරාධනා කර තිබූ සාදයක් දැනට දින දෙක තුනකට පෙර බත්තරමුල්ලේ ප්‍රසිද්ධ හෝටලයක දී පැවැත්වී තිබේ.
ඊට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පැමිණ ඇත.
හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ඉල්ලා අස්වී එම පුරප්පාඩුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඔහු අගමැති කිරීමට මෙහිදී යම් සාකච්ඡාවක් ඇතිව තිබේ.
අදාල සාදය සඳහා තෝරාගත් පිරිසකට පමණක් ආරාධනා කර තිබූ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරාධනා කර නොතිබූ බවයි වාර්තා වන්නේ.
සාදය සංවිධානය කර ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |