හිටපු ජනපති ගෝඨාභයගේ සියලු රෝග සුව වූ විශ්මිත බෙහෙත මෙන්න..
Gotabaya Rajapaksa
Sri Lanka Politician
Wimal Weerawansa
Sri Lanka
By Aruna
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ පසු මේ වන විට තමන් ගේ අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිරගත සීනි ප්‍රමාණය අඩු වී ඇතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඔහුගේ නිල නිවසට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමග සිදුකරන ලද සුහද කතාබහක දී ය. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ උත්තර ලංකා සභාගයේ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අසනීප සනීප වුවද ඔහු ගත් තීරණ නිසා සහ අවශ්‍ය තීන්දු අවශ්‍ය මොහොතේ නොගත් නිසා අද ජනතාවට එම සියලු රෝග වැළඳී ඇතැයි ද මන්ත්‍රීවරයා එහිදී තව දුරටත් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |