ගෝඨාභයට 11 වෙනිදායින් පසු කුමක් වෙයිද?.අගමැති කාර්යාලයෙන් ඉල්ලීමක්..

Gotabaya Rajapaksa Prime minister Sri Lanka Singapore
By Aruna Aug 08, 2022 03:28 AM GMT
Report

ගෝඨා තවත් දින 14ක් ඉල්ලයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14 කින් එරට රැඳීසිටීමේ බලපත්‍රය දීර්ඝ කරවාගැනීමට අයැදුම් කර ඇති බව වාර්තා වනවා.

මූලික සංචාරක ‘වීසා’ කාලය අවසන් වීමත් සමග පසුගිය මාසයේ 27 වැනිදා සිංගප්පූරු බලධාරීන්ගෙන් හිටපු ජනාධිපතිවරයාට තවත් දින 14ක රැඳීසිටීමේ දිගුවක් ලැබුණු අතර, එම දීර්ඝ කිරීමේ කාලය මේ සතියෙන් (අගෝස්තු 11) අවසන් වීමට නියමිතයි.

හිටපු ජනාධිපතිවරයාට තවත් දින 14ක කාලයක් සිංගප්පූරුවේ රැඳීසිටීමේ දිගුවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ නිල මැදිහත්වීමක් සිදුනොවන බව පැවසේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා අගමැති කාර්යාලය විසින් හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ රැඳීසිටීම සම්බන්ධයෙන් සොයාබලන බව වාර්තා සඳහන් කරයි.

පසුගිය ජූලි 9 වැනිදා රට පුරා දියත් කළ ජනතා විරෝධතාවලින් පසු හිටපු ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටව ගිය අතර පළමුව මාලදිවයිනටත්, ඉන් අනතුරුව ජූලි 14 වැනිදා සිංගප්පූරුවටත් පැමිණියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now