පොහොර සම්බන්ධයෙන් ජනපති කරන්න යන දේ මෙන්න..

Gotabaya Rajapaksa Mahinda Amaraweera Ministry of Agriculture
By Aruna Jun 04, 2022 11:06 PM GMT
Report

වැවිලි සමාගම් සතු සියලුම ඌන උපයෝජන ඉඩම් හඳුනාගෙන ආහාර භෝග වගා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

වැවිලි සමාගම් සතුව වගා නොකරන ලද ඉඩම් හෙක්ටයාර නවදහසකට අධික ප්‍රමාණයක් පවති.

සමාගම් 23ක් සතු එම වතුවල වගාවට සුදුසු භෝග හඳුනාගෙන වැවිලිකරුවන්ට ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වැවිලි ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් (03) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

තේ අපනයනයේ දී රටට හිමිවිය යුතු විදේශ විනිමය විනිවිදභාවයකින් පවත්වාගෙන යා යුතුය. ඒ සඳහා තේ වෙන්දේසිය ඩොලර්වලින් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳ වහාම සොයා බලන ලෙස ජනාධිපතිතුමා පැවසීය.

වැවිලි ක්ෂේත්‍රයේ කර්මාන්තශාලා සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ඉන්ධන ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව සාකච්ඡා කෙරිණ. අමාත්‍යාංශය හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය සහිත කර්මාන්තශාලා හිමිකරුවන්ට නම් කරන ලද ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාව දීමට තීරණය කරනු ලැබීය.

තේ, රබර්, පොල් සහ අපනයන කෘෂි භෝග සඳහා ඉතිහාසයේ වැඩිම මිල මේ වන විට ගොවීන්ට ලැබී තිබේ.

අමාත්‍ය රමේෂ් පතිරණ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් බී.එල්.ඒ.ජී. ධර්මකීර්ති යන මහත්වරු සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානිහු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now